පාසලේ ඉතිහාසය

2025/ 04/ 11 දින විශ්‍රාම විදුහල්පති වැඩසටහන

2025/ 04/07 දින විද්‍යාව වැඩමුලුවක් පැවැත්වීම.

2025/03/06 වන දින clean sri lanka වැඩසටහන යටතේ පාසල පිරිසිදු කිරීම.

WhatsAppImage2025-02-19at220210_dbf69adc.jpeg
WhatsAppImage2025-02-19at220210_dbf69adc.jpeg

වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මහව අද්‍යාපන කලාපයට අයත් ගිරිබාව කොට්ඨාසයේ ගල්ගමුව මැතිවරණ බල ප්‍රදේශයරට අයත් ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 4 දරන වරාවැව ග්‍රාම නිළධාරී වසමේ වරාවැව ගමේ මෙම වරාවැව මහා විද්‍යාලය 1951 වසරේදී ආරම්භ කරන ලදි.1951 වර්ෂයේ දී ගම් සභා මන්ත්‍රී ඩබ්. ටී. එම්. ඒ, මුදියන්සේ මැතිතුමාගේ මූලිකත්වය ගෙන වත්මන් පාසල් භූමියේ රජයේ පාසලක් ලෙස සිසුමන් 17 දෙනෙකුගෙන් ආරම්භ වී ඇත.අප් පාසලේ මුල් ගුරුතුමා වන්නේ හිතෝලිස් සිංග්කෝ වන අතර ලේඛනගත වූ පළමු සිසුවා වනුයේ එස්. එච්. හෙන්ද්‍රික් සිල්වා මහතායි.

1951 වසරේ සිට රජයේ මහා විද්‍යාලයක් ලෙස දිනෙන් දින සංවර්දනය වූ අප පාසල 1970 වන විට 11 ශ්‍රේණිය දක්වා පන්ති ආරම්භ කර තිබුණි.වරාවැව මහා විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට 1970 සිට අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයටද මුහුණ දීමට හැකියාව ලැබුණි.   සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර මැතිතුමන්ගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මුලින්ම පිහිටවූ  මහා විද්‍යාල අතරට අප පාසලද එක්වීම   සුවිශේෂත්වයකි. ඒ සමගම ග්‍රාමීය විවිධ දක්ෂතාවලින් පිරිපුන් සිසුන් අප පාසලට එකතු වූ අතර අධ්‍යාපනයේ ද කැපී පෙනෙන වර්ධනයක් එම   යුගයෙන් පසුව ඇති විය. පාසලේ සිසුන් දෙදෙනෙකු  මුල් වතාවට විශ්වවිද්‍යාල වරම් හිමි කරගැනීමට 1995 වසරේ සමත් වූ අතර ඉන් පසුව   වාර්ෂිකව විදුහලෙන් විශ්ව විද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලැබූ සිසු සංඛ්‍යාව ද ඉහළ ගියේ ප්‍රදේශයටද විදුහලේ කීර්ති නාමයටද තවත් වටිනාකමක් එක් කරමිනි. එදා මෙදා තුර පාසලෙන් බිහිවූ විද්‍යාර්ථීන් රටේ විවිධ උසස් තැන්වල තනතුරු දරමින් රටට දැයට අමිල සේවයක් ඉටුකර ඇති අතර, එය විද්‍යාලය ලැබූ ඉහළම ගෞරවය ලෙසද සදහන් කළ යුතුය.

විද්‍යාලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය, ද්විතීයික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර   ක්‍රීඩා අංශය, සෞන්දර්යය අංශය, ප්‍රමුඛස්ථානයක් අත් කර ගනී. ඒ හැර  පරිගණක ඒකකය ශ්‍රව්‍ය දෘෂ්‍ය ඒකකය, පුස්තකාලය, ප්‍රථමාධාර ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.

මේ වන විට අප පාසල  විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා, සමිති සමාගම්, චාරිකා, අධ්‍යාපනික ප්‍රදර්ශන, විවිධ ආගමික වැඩ සටහන්,සාහිත්‍ය උත්සව, නායකත්ව පුහුණු වැඩ සටහන්, රථ නියාමක කණ්ඩායම්, විවාද කණ්ඩායම,  ප්‍රථමාධාර ඒකකය , ශිෂ්‍ය භට, බාලදක්ෂ, පරිසර නියමු වැඩ සටහන්, විවිධ සුභ සාධන කටයුතු, විවිධ ප්‍රසංග, සිංහල අලුත් අවුරුදු උත්සව ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක කරයි.

මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 45ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 5කින් සමන්විතය. 800 ක්  පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්." යන දැක්ම අනුව යමින් ලංකාව පුරා විදුහල් සමග උරෙනුර ගැටෙමින් සෑම අතින්ම ජයග්‍රහණය කරා පියමැනීමට, අධ්‍යන, අනධ්‍යන කාර්ය මණ්ඩලයේද, දෙමාපියන් හා අධ්‍යාපන බලධාරීන්ගෙන් ද ලැබෙන සහය විශාල ශක්තියකි. වර්ෂ 2025 වන විට  කලාපයේ පාසල් අතර ප්‍රමුඛස්ථානයක් ලබා ගැනීම වීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.

ආරම්භ කළ වර්ෂය

1951 වසර

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

01

පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව

17

මුල් ගුරුතුමාගේ නම

බ්.ටී.එම්.ඒ.මුදියන්සේ

පාසලේ ආදි කතෘගේ නම

බ්.ටී.එම්.ඒ.මුදියන්සේ

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

වරාවැව මහා විද්‍යාලය

පාසල භාරව කටයුතු කිරීම

ඩබ්.ටී.එම්. මුදියන්සේ මහතා

පාසල රජයට පවරාගත් දිනය

1951

පාසල පැවැත්වූ ස්ථානය

වරාවැව

ප්‍රථම ශිෂ්‍යයාගේ නම

එස්. එච්. හෙන්ද්‍රික් සිල්වා

ප්‍රථම ශිෂ්‍යයාවගේ නම

ඩබ්. එම්. රන්මැණිකා

ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව

1951