පාසල් ගීතය
වරාවැවේ මහ විදුහල් මාතා
පුද්නෙමු හද බැතියෙන් සැමදා
සත්දන බිහි කළ කුල නව ලංකා
නිජ භූමිය රකිනා විදු මාතා.......//
ඔබ වේ අප නව ජීවය මාතා
ඔබ වේ අප ජය භූමිය මාතා
ලක දස දිග කිතු ගොස රැව් දේවා
පුරසඳ සේ නාමය බැබලේවා
වරාවැවේ මහ විදුහල් මාතා....
භේද දුරැරදා ඔබගේ පහසින්
දැය නැගුමට පෙරමුණ ගනිමු
බැති උපහාරය සිසු දරුවන්ගේ
වැජඹෙනු ලැබ දිගු කල් විදු මාතා
නුවණැස පාදා අවිදු අඳුර බිඳ
මිණී පහනක් වනු අපට සදා //





