2025/ 04/ 11 දින විශ්‍රාම විදුහල්පති වැඩසටහන

2025/ 04/07 දින විද්‍යාව වැඩමුලුවක් පැවැත්වීම.

2025/03/06 වන දින clean sri lanka වැඩසටහන යටතේ පාසල පිරිසිදු කිරීම.

WhatsAppImage2025-02-19at220210_dbf69adc.jpeg
WhatsAppImage2025-02-19at220210_dbf69adc.jpeg

විදුහල්පති පණිවිඩය

ඩී.එම්.රන්ජිත් දිසානායක

වරාවැව මහා විද්‍යාලය වන අප පාසල ගිරිබාව කොට්ඨාසයේ පමණක් නොව මහව කලාපයේ ද විශිෂ්ට කීර්ති නාමයක් අත් කරගෙන් ඇති පාසලක් වන අතර දිනෙන් දින දියුණුව කරා ගමන් කරන් පාසලක් බවද මම ඉමහත් ආඩම්බරයෙන් පවසන්නෙමි.   අධ්‍යන ආංශයෙන් පමණක් නොව බාහිර කටයුතුවලින් ද අප පාසල ඉදිරියට ගමන් කරමින් පවතී.ගිරිබාව ප්‍රදේශයේ පිහිටි තරමක් දුෂ්කර පාසලක් වන අප පාසලේ සිසු දරු දැරියන් හට ඇති බාධා මැඬගෙන ඉදිරියට ගමන් කිරීමේ හැකියාව ලබාදීම මගේත් , ගුරු මණ්ඩලයේත් අපේක්ෂාව වේ. ඒ සඳහා මේ වෙබ් අඩවිය ප්‍රයෝජනවත් වේවි යැයි මම සිතමි. මේ වන විට දරුවන්ගේ විභාග ප්‍රථිපල ඉහළ මට්ටමක පවතින බවත් තම හැකියා හා දක්ෂතා ඔප් නංවා ගැනීමට වරාවැව මහා විද්‍යාලය මහඟු තෝතන්නක් බවත් සතුටින් ප්‍රකාශ කළ යුතුය.ඊට අම්තරව අප පාසලේ දියුණුව සඳහා උර දෙන දෙමාපියන්ට, ශුබ පතන්නන්ට, ප්‍රජා දායකත්වය සපයන සියලුම දෙනාටත් මාගේ හෘදයාංගම ස්තූතිය පුද කරමි. තව තවත් විශිෂ්ටත්වය කරා අප පාසල රගෙන යාම මගේ තිරසර අධිශ්ඨානය වන අතර සිසු දරු දැරියන්ට නොනැවතී ඉදිරියට යාමට හැකි වේවයි ප්‍රාර්ථනා කරමි.

ඩී.එම්.රන්ජිත් දිසානායක
විදුහල්පති
වරාවැව මහා විද්‍යාලය.